Couture Atelier
Meet Swarna Herath

Swarna's Story

Over 30 years of crafting beautiful dresses with love. A lifelong journey and passion for teaching others the art of sewing.

Swarna Herath in her sewing studio

The Journey

අවුරුදු 30කට වැඩි කාලයක් තිස්සේ මැහුම් කලාවත් එක්ක ගත කරපු ගමනක් තමයි අද Su Collection කියන්නේ. මුලින් මැහුම් ගැන තිබුණු ආසාවත් එක්ක පොඩියට පටන්ගත්ත මේ ගමන, අද වෙනකොට දහස් ගණනකට ලස්සනට, නිවැරදිව ඇඳුම් මහන්න ඉගෙනගන්න පුළුවන් තැනක් වෙලා තියෙනවා. “මැහුම් ඉගෙනගන්න ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි, පතරොමක් බලාගෙන ඒ විදිහටම මහන්න පුළුවන් වුණාම මැහුම් දන්නවා කියලා හිතන එක.” ඇත්තටම මැහුම් කියන්නේ ඒක විතරක් නෙවෙයි. Design එකක් දැක්කාම ඒක හැදිලා තියෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න, ඒකට ගැළපෙන Pattern එක හදාගන්න, නිවැරදිව Cut කරගන්න, අන්තිමේදී ඒ ඇඳුම අඳින කෙනාගේ ඇඟට ලස්සනට Fit වෙන විදිහට නිම කරන්න දැනගන්න ඕනේ. Su Collection එකේ අපි උගන්වන්නේ ඒ Skill එක. අද වෙනකොට Social Media හරහා 150,000කට වැඩි පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් මගේ බලාපොරොත්තුව මැහුම් කරන හැටි කියලා දීලා එතනින් නවතින එක නෙවෙයි. මැහුම් Hobby එකක් විදිහට කරන කෙනෙක්ට ඒ Skill එක තවත් දියුණු කරගෙන, තමන්ගේම ආදායමක් හදාගන්න, Customers ලා හොයාගන්න, Online එකේ තමන්ගේම Brand එකක් හදාගෙන Business එකක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන එකයි. ඒ ගමන තවත් ඉස්සරහට අරගෙන යන්න තමයි Su Collection, The UVA VEC එක්ක එකතු වෙන්නේ. Su Collection එකෙන් ලැබෙන මැහුම් සහ Product Development අත්දැකීමත්, The UVA VEC වෙතින් ලැබෙන Business, Digital සහ Technology පැත්තේ මඟපෙන්වීමත් එකට එකතු කරලා, ඔයාගේ Skill එක වර්තමානයට ගැළපෙන Business එකක් විදිහට ගොඩනගාගන්න අවශ්‍ය Support එක ලබාදෙනවා. මැහුම් කියන්නේ Skill එකක් විතරක් නෙවෙයි. හරියට ගොඩනගාගත්තොත්, ඒකෙන් ඔයාගේම අනාගතයක් හදාගන්න පුළුවන්.

30+Years Experience
150kCommunity